Lanka News Page

ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්

නව වන ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්ව පවතියි. හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය පරිදී රාජ්‍ය නිලධාරීන්ද යොදවා තිබේ. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක්. ඔවුන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී හෙට දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියි.

මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලිපි ලැබූ නිලධාරීන්ට විශේෂ පණිවුඩයක්

මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලිපි ලැබූ සියලුම නිලධාරීන් තමාට නියමිත දිනයේදී නියමිත ස්ථානයට අනිවාර්යෙන් ම රාජකාරී සඳහා වාර්තා කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසයි. මෙම පත්වීමි ලිපි වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට දැනට කිසිදු හැකියාවක් නොමැති බවත් සේවයට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කරනලදි. Read More

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ. එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමි වන අතර මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

ඡන්දය ප්‍රකාශ කිරීම හෝ මනාප සලකුණු කිරීම කරන්නෙ මෙහෙමයි

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. “කිසියම් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ, Read More

පාසල් නිවාඩු දිනයක් ගැන නිවේදනයක්

සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි. සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ. නැවත පාසල් ආරම්භය සැප්තැම්බර් 23 වන දිනයේදී සිදුවන බව වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජනාධිපතිවරණයට සියල්ල සූදානම්

ජනාධිපතිවරණය සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසද්දි සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් ද පවසන්නේ තම ප්‍රදේශයන් හි මැතිවරණයට අදාළ සියලු කටයුතු සුදානම් කර ඇති බවයි. මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක්. ඔවුන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී අනිද්දා දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියි. ඊට අදාළ සියලු කටයුතු Read More

ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක්

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට යන මගීන් වෙනුවෙන් විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, දුරගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි. මේ අතර පෞද්ගලික බස් රථ සේවකයන්ද ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් එදිනට අමතර පෞද්ගලික බස් රථ ධාවනය නොවන බවයි ප්‍රකාශ කළේ.

යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුවයි මම එන්නේ රට ගොඩ ගන්න

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරණ ගාල්ලේ අවසන් ජනරැලි අමතමින් අද (18) පවසන ලදි. ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුම හෙට (19) අත්සන් කරන බව Read More

ඡන්ද කාඩ්පත් වෙත ප්‍රවේශ විය හැකි මාර්ගගත ක්‍රමයක්

ජනාධිපතිවරණයට පෙර ඡන්දදායකයන්ට තම ඡන්ද කාඩ්පත් වෙත ප්‍රවේශ විය හැකි මාර්ගගත ක්‍රමයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වාදී තිබේ. ඒ අනුව https://eservices.elections.gov.lk/pages/home.aspx සබැඳිය ඔස්සේ ඡන්ද කාඩ්පත් නැරඹිය හැකි බව සදහන් කරයි. තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට වලංගු හැඳුනුම්පතක් භාවිතා කරමින් නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව කොමිසම වැඩිදුරටත් සඳහන් Read More

2025 නව පාසල් වාරයට පෙර පාසල් නිල ඇඳුම් සිසුන් අතට

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් චීන තානාපතිතුමන් සහ චීන රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිළුලයකට අනුව එම රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිතයි. ඒ අනුව,නොවැම්බර් මස 13වන දින එහි Read More

t

o

p