පොහොර මිලදී ගන්න කිව්.ආර්.කේතයක්

October 4, 2024

රජය ලබාදෙන පොහොර සහනාධාර මුදලින් පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට කිව්.ආර්.කේතයක් නිකුත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් දුන් බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ පැවැසීය මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙසත්,මෙවර මහ කන්නයේදී (2024/25) එය ක්‍රියාත්මක කිරීමට අපහසුනම් ලබන යල කන්නයේ සිට එය ක්‍රියාවට නංවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බවද ඔහු පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස වැඩ භාර ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී පොහොර සහණාධාර වැඩපිළිවෙළ පිළිබදවද නිලධාරීන් සාකච්ඡා කළේය.

මෙවර මහ කන්නයේ සිට හෙක්ටයාර් එකක් සඳහා පොහොර සහනාධාරය රුපියල් 25,000 ක් දක්වා වැඩිකර තිබේ.

t

o

p