දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නායකයා රනිල් වික්‍රමසිංහ – මාවෙයි සේනාධිරාජා

September 17, 2024

දෙමළ ජනතාවගේ දිගු කාලීන ගැටළු විසදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබද තමා තුළ විශ්වාසයක් ඇතැයි ඉලංගෙයි තමිල් අරසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

එමෙන්ම දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි විසදීමේ දී වික්‍රමසිංහ මහතාට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බවටයි ඒ මහතා විශ්වාසය පළ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් පිරිසක් අතර යාපනයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

උතුරේ ප්‍රජාව මුහුණ දෙන දීර්ඝ කාලීන ආර්ථික ගැටලු සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.

මෙහිදී එම ගැටළුවලට පිළිතුරු ලබාදීමේ අරමුණින් තිරසාර සංවර්ධනයකට මුලපිරීමට තමන් අවධානය යොමුකර ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදි කියා සිටියි.

මෙම සාකච්ඡාවට එක්වූ ශෂිකලා රවිරාජ් එම් පී නඩරාජා ඇතුළු පිරිසක් කියා සිටියේ දශක ගණනාවක ගැටුම්වලින් පසු යථා තත්ත්වයට පත්වෙමින් පවතින උතුරු පළාතට සමුද්‍රිමත් අනාගතයක් උදා කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සාකච්ඡා අතිශයින්ම වැදගත් බවයි.

එමෙන්ම උතුරේ සංවර්ධන හා ආයෝජනවලට මුලපිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා සමඟ කරුණු සාකච්ඡා කෙරුණි.

t

o

p