පාස්පෝට් සඳහා අයදුම්කරන අයට විශේෂ දැනුම්දීමක්

August 26, 2024

හිස් විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් ඇති බැවින් අත්‍යවශ්‍ය හේතුවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අලුතින් නිකුත්කළ හැකි විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් එම ඉල්ලීම කරන බවයි.

නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය නුදුරේදීම හඳුන්වා දීමට පියවර ගන්නා බවත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවා ඇති බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

t

o

p