ජනපතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමය එයි

August 27, 2024

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන කැබිනට් මණ්ඩලයේ සැලකීමට යොමු කර තිබේ.

2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මෙරටට එවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති විසින් යුරෝපා සංගමයට ආරාධනා කර තිබුණි.

එකී සංගමයේ රෙගුලාසි යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන අත්සන් කළ යුතුයි.

ඒ අනුව දෙපාර්ශ්වය අතර 2024-08-05 දින 2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් වන පරිපාලන විධිවිධානයන්ට අත්සන් තබා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.

t

o

p