ඉන්දියාවෙන් කොළඹට ආ අමුත්තා

August 26, 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නම් යුද නැව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

ලොව වේගවත්ම යුද නැව් ගණයට අයත් මෙය දිගින් මීටර් 163ක් වන අතර කාර්යය මණ්ඩලය 410 කින් සමන්විතයි.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ‍කපිතාන් සන්දීප් කුමාර් කටයුතු කරයි.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ කාර්යය මණ්ඩලය මෙරට ප්‍රධාන ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත බවයි කපිතාන්වරයා සඳහන් කරයි.

ඊට අමතරව බටහිර නාවික විධාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ පුහුණු අභ්‍යාසයක්ද පවත්වා (29) වැනිදා දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

t

o

p