තැපැල් ඡන්දයට ලක්ෂ 07කට අධික පිරිසක් සුදුසුකම් ලබයි

August 20, 2024

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. 2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සඳහා 712,321 සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බවයි මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති නමුත් ඒ අතරින් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩි දුරටත් කියා සිටියි.

එළැඹෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් 4 වැනිදා දින නියම කර තිබේ.

සෙසු රාජ්‍ය සේවකයින් සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට වෙන් කර ඇති අතර, එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට සැප්තැම්බර් 11 සහ 12 දෙදින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.

t

o

p