ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

August 20, 2024

වැසි තත්ත්වය සමග කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් නාගරික හා ප්‍රාදේශීය ප්‍රදේශ ආශ්‍රිතව ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර පැවැසීය.

පසුගිය දිනවල බස්නාහිර, සබරගමුව, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක, වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්ක ආශ්‍රිතව ඇද හැලුණු අධික වර්ෂාපතන තත්ත්වය නිසා එම ප්‍රදේශය හරහා ගලා බසින ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ඔහු කීවේය.

කළු ගඟේ කුඩා ගඟ අතු ගංගාවේ බුලත්සිංහල, මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශය සවස් කාලයේදීත් ජලයෙන් යටවී තිබිණි. මෙම ප්‍රදේශවල මාර්ග රැසක් ද ජලයෙන් යටවී තිබේ.

අත්තනගලු ඔය ද්‍රෝණියේ අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල, කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද පහත්බිම් රැසක් ජලයෙන් යටවී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කීවේය.

t

o

p