පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව බිඳ හෙළයි

August 20, 2024

විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දුවාරයක් තුළ වැඩිම ලකුණු ලබාගැනීමේ වාර්තාව බිඳ හෙළීමට සැමෝවා ක්‍රීඩක ඩයිරුස් වයිසර් (Darius Visser) සමත් විය.

ඒ, විස්සයි විස්ස ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා පැවැත්වෙන නැගෙනහිර ආසියා – පැසිපික් කලාපීය තරගයේ දීයි.

එහි දී වනුවාටු කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක නලින් නිපකෝ විසින් ක්‍රියාත්මක කළ 15 වැනි පන්දුවාරයේ දී අදාළ වාර්තාව පිහිටුවා ඇති බවයි, ජගත් ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

එහි දී ඩයිරුස් වයිසර් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 39ක්.

t

o

p