රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

August 6, 2024

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා එම ආයතනයන්වල පරිගණක තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළුව සියලුම රජයේ ආයතන මඟින් නියාමනය කරනු ලබන සහ සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

t

o

p