බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක්

August 6, 2024

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව බංග්ලාදේශ ජනාධිපතිවරයා නිවේදනය කරයි.

මේ අතර සිරගතකර සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් ඛලීඩා ෂියා නිදහස් කිරීමටයි ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇත.

බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ජාතිය ඇමතූ එරට හමුදා ප්‍රධානියා බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ. රටපුරා ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා දින නියමයක් නොමැතිව බංග්ලාදේශයට ඇඳිරි නීතිය ද පනවා තිබේ.

t

o

p