තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 9 දා තෙක් දික් කරයි

August 6, 2024

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය ලබන 9 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (05) දිනයෙන් අවසන් වූ අතර ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙම 9 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරණ තැපැල් ඡන්ද සඳහා අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර කොමිසමේ වෙඩ් අඩවිය වන www.election.gov.lk වෙත මේ වන විට ඇතුළත් කර ඇති බව ද එහි දක්වා ඇත.

තැපැල් ඡන්ද යොමු කිරීමේදී ඇති වන ප්‍රමාදයන් වළක්වා ගැනීමට 08 සහ 09 දෙදින තුළ තැපැල් ඡන්ද අයදුම්පත් එක් එක් මැතිවරණ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගොස් භාර දෙන ලෙසට එම නිවේදනයේ දක්වා ඇත.

සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මෙවර 17,140,354(එක් කෝටි 71 ලක්ෂයක්)ක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

t

o

p