ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය කොළඹ වරායට

August 2, 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලදි.

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු විය.

මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Shalki’සබ්මැරීනය, දිගින් මීටර් 64.4 ක් හා නැව් මුළුව 40 ක ගෙන් සමන්විතයි.

එහි අණදෙන නිලධාරී Commander Rahul Patnaik සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් අද දින (02) එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණි.

t

o

p