පඩි වැඩි කරන පනත පාර්ලිමේන්තුවට

July 23, 2024

2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම චේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම සංශෝධනය වේතනය කිරීම පනත පිණිසයි 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

t

o

p