කොළඹ වරායට පැමිණි අමුත්තා

July 23, 2024

ඇමෙරිකානු නාවික හමුදාවේ ‘USS Michael Murphy’ නෞකාව අද(23) කොළඹ වරායට පැමිණ තිබේ.

ඒ මෙරට නිල සංචාරයක් සඳහා බවයි නාවික හමුදාව පවසයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke class of guided missile destroyers වර්ගයට අයත් මෙම ‘USS Michael Murphy’ නෞකාව, දිගින් මීටර්155කින් යුක්ත විශාල නෞකාවක් .

මෙම ‘USS Michael Murphy’ නෞකාවේ අණදෙන නිලධාරී Commander Jonathan B. Greenwald සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ද පවත්වා තිබේ .

මෙම නෞකාව ලබන මස 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමටයි සැලසුම් කර ඇත.

t

o

p