මහා වංශය පුස්තකය ලෝක උරුමයක් වූ වගයි

July 18, 2024

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසේලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු එම පුස්තයට අදාළ සහතික පත්‍රය ප්‍රධානය කිරීම යුනේස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජී.එච්.පීරිස් වෙත බාරදුන් අතර ඊට අදාළ සමරු පලකයක් ද ඇය විසින් විවෘත කරනලදි.

පේරාදෙණිය විශ්ව විදයාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ විසින් යුනිස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණිම සනිටුහන් කරමින් විශේෂ සමරු පොතක්ද මෙහිදි පිළිගන්වනලදි.

t

o

p