සහිත යෙදවුමක් (APP) එකක් නිර්මාණය කරන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රේගු නිලධාරීන්ට උපදෙස්
පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.
එහි පළමු සැසියේ දී සාකච්ඡාවට බඳුන් වූයේ ජාත්‍යන්තර වෙළෙඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම (mis-invoicing), ශ්‍රී ලංකා රේගුවේ විවිධ අරමුදල් කළමනාකරණය පිළිබඳ විශේෂ විගණන වාර්තාව සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද බදු වියදම් ප්‍රකාශය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙනි.
මෙම සාකච්ඡාව සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබිණ.
ශ්‍රී ලංකා රේගුව මෙහිදී පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර වෙළඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම (mis-invoicing) වැලැක්වීම සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශ අනුව කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකා රේගුව 2023 වසරේ දී වෙනත් වසරවලට සාපේක්ෂව රුපියල් බිලියන 15 ක පමණ ආදායමක් උපයා ගෙන ඇති බවය. එමෙන්ම 2024 වසරේ මේ වන විට ද සැළකිය යුතු ආදායමක් එකතු කර ගැනීමට හැකි වී තිබේ.
විශේෂයෙන්ම වැරදි ඉන්වොයිස්කරණය (mis-invoicing) නිසා රටට අහිමි වෙන ධනය යළි ලබා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් මින් පෙර යෝජනා කෙරුණු අතර, Global Financial Integrity Report හී නිරීක්ෂණවලට අනුව ජාත්‍යන්තර වෙළෙඳාමේ වැරදි ලෙස ඉන්වොයිසි සැකසීම හේතුවෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 4 ක පමණ මුදල් කාන්දු වීමක් සිදුවන බව සභාපතිවරයා මෙහිදී නැවත මතක් කර දුන්නේය.
වැරදි ලෙස ඉන්වොයිසිකරණයේ මූලික අංග තුන වන අගය අඩු කොට ඉන්වොයිසිකරණය (Under invoicing), අගය වැඩි කොට ඉන්වොයිසිකරණය (Over Invoicing) සහ භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදු නොකොට සිදුකෙරෙන ඉන්වොයිසිකරණය (Ghost Invoicing) මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදු නොකොට සිදුකෙරෙන ඉන්වොයිසිකරණය (Ghost Invoicing) මගින් අත්තිකාරම් මුදල් ගෙවීමක් බැංකුව හරහා සිදු කිරීමේ දී භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදුවන වන්නේද යන්න සොයා බලන ලෙස බැංකුවලට මුදල් අමාත්‍යාංශය හරහා නියෝගයක් ලබා දීමේ වැදගත්කම මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී. භාණ්ඩ හා සේවා ගනුදෙනුවක් සිදු නොකොට සිදුකෙරෙන ඉන්වොයිසිකරණය (Ghost Invoicing) වැලැක්වීම සඳහා බැංකු ගෙවීම් පද්ධතිය හා ශ්‍රී ලංකා රේගුවේ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීමේ හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයන පාර්ශවකරුවන් සමග ඉන්‍වොයිසි දත්ත හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණයක් හා එම දත්ත ශ්‍රී ලංකා රේගුවට ලබා ගත හැකි පරිදි යාන්ත්‍රණයක් මුදල් අමාත්‍යාංශය මගින් සැකසීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණ. එමෙන්ම, ආදායම් බදු අය කර ගැනීම සදහා එම දත්ත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග හුවමාරු කර ගත යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. ආනයන අපනයනයේ භෞතික විමර්ශනය සහ පරිලෝකන (scanning) ක්‍රියාවලිය සඳහා කෘතිම බුද්ධිය (AI) APP එකක් නිර්මාණය කොට ස්වයංක්‍රීය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ. ඒ සඳහා දේශීය මෘදුකාංග සංවර්ධකයින්ගේ සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙස ද, ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලෙස ද සභාපති රණවක මහතා උපදෙස් දුන්නේය. රේගු නිලධාරීන් සඳහා ඇගයීම් ක්‍රියාවලිය සඳහා වෙනම ඒකකයක් ආරම්භ කොට Balance Score Card ක්‍රමය භාවිතා කරන ලෙස ද, ඒ වෙනුවෙන් වන උපදේශන සේවාවක් ලබා ගන්නා ලෙස ද, රේගුව වෙත උපදෙස් දීමට සභාපතිවරයා කටයුතු කළේය. විකුණුම් ආදායම් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් සැකසීම සඳහා ඉලෙක්ට්‍රොනික වේදිකාවක් ලෙස UPI පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස ද, ඉන්දියාවේ මෙවැනි පද්ධතියක් මගින් ආදායම තුන්ගුණයක් වූ බවට ද රේගු නිලධාරීන් වෙත රණවක මහතා විසින් පෙන්වා දෙන ලදී.
මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලිය විශාල වශයෙන් ම සිදුවන්නේ කැසිනෝ ව්‍යාපාරය හරහා බව පෙන්වා දුන් සභාපතිවරයා බැංකු ගිණුම් මගින් කැසිනෝ ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම මගින් එම ගනුදෙනු හදුනා ගැනීමේ පද්ධතියක් (tracking system) සකස් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
බදු සහන නිසා රටට අහිමි වූ රු. බිලියන 978 ක පමණ අතිවිශාල මුදල සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව 2024.03.31 දින නිකුත් කරන ලද බදු වියදම් ප්‍රකාශය), Tax Expenditure Statement වාර්තාව අනුව එකතු කිරීමේ අගය මත බදු සහන නිසා රු. බිලියන 554 (රු.මි. 554,358) ක්, ශ්‍රී ලංකා රේගුවේ තීරු බදු සහන නිසා රු. බිලියන 324 (රු.මි. 324,749) ක්, පුද්ගලික ආදායම් බදු සහන නිසා රු. බිලියන 11 (රු.මි. 11,543) ක්, ආයතනික බදු සහන නිසා රු. බිලියන 87 (රු. මි. 87,733) ක් පමණ රටට අහිමි වී ඇති බව හෙළිදරව් වී තිබේ. එම ආදායම් අපතේ යාම වැළැක්වීම සඳහා බදු සහන ක්‍රමයෙන් මේ වසරේ ඉවත් කර තිබේ. ඉන් අතිරේක ආදායමක් මේ වසරේ දී බලාපොරොත්තු වන බව ද මෙහිදී අනාවරණය විය. සාමාන්‍ය මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පවා බදු අය කරන තත්ත්වයක් තුළ පුද්ගලයින්ට, සමාගම්වලට මෙසේ බදු සහන ලබා දීම රටේ බදු ආදායමෙන් තුනෙන් එකක් පමණ වන අති විශාල ධනස්කන්ධයක් අහිමි කර ගැනීම කණගාටුදායක තත්ත්වයක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. රේගු බදු නිදහස් කිරීම් සහ ආයතනික ආදායම් බදු නිදහස් කිරීම් භුක්ති විඳින ඉහළම සමාගම් ලැයිස්තුව හෙළිදරව් කරන ලෙස කාරක සභාව විසින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කරන ලෙසත්, අවම වශයෙන් බදු නිදහස් කිරීමේ පරාස පිළිබඳ වාර්තාවක්වත් ලබා දෙන ලෙස ද නැවත මතක් කෙරිණ. ආයෝජන මණ්ඩල සමාගම් මත බදු නිදහස් කිරීම් සම්බන්ධව විමර්ශන වාර්තාවක් සති දෙකක් ඇතුළත ලබා දෙන ලෙස ද සභාපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.
ඖෂධ, පොහොර, ගල්අඟුරු හා ඛනිජ තෙල් යන රජයේ ප්‍රධාන ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ප්‍රසම්පාදන වේදිකාවක් (procurement procedure) හරහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කිරීම් අවශ්‍යතාවයද කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දෙවන සැසියේ දී පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ අනෙකුත් දිස්ත්‍රික්ක කිහිපයක ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය සහ විපතට පත් වූවන් සඳහා සහන සැලසීමට සහ විපතට පත් ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීමට අදාළ සාකච්ඡාව ඊයේ (05) ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අවධානයට ලක් විය. දැනට පුද්ගලයින් 247,406 ක් ගංවතුරෙන් අවතැන් වී ඇති බව ද, පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව ද මෙහිදී අනාවරණය විය. එමෙන්ම නිවාස 11 ක් සම්පූර්ණයෙන්ම ද, නිවාස 3887 ක් අර්ධ වශයෙන් ද හානි වී ඇති බව ද පැවසිණ.
මේ පිළිබඳ යම් යම් අනතුරු ඇඟවීම් සිදු කළ ද, ඒවා පරිපූර්ණව ක්‍රියාත්මක නොවීම නිසා, කොළඹ නගරය සහ අවට ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා ඉදි කරන ලද පොම්පාගාර නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩල, විදුලි පහසුකම් ආදිය නොමැති වීම නිසා ඒවා ක්‍රියාත්මක කරන අය ගැටළුවට පත්ව තිබේ. උදාහරණයක් ලෙස අඹතලේ පොම්පාගාරයේ විදුලිය අත්හිටුවා ඇති අතර, පොම්ප 5 න් පොම්ප දෙකක් පමණක් ක්‍රියාත්මක කොට තිබෙන බව අනාවරණය විය. මේ ඇති වූ ගංවතුර තත්ත්වය පොම්පාගාර මගින් විසඳිය නොහැකි වුවත්, පොම්ප උපරිම ධාරිතාවයෙන් යුතුව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් මෙහිදී ඇති වූ බව මෙහිදී හෙළිදරව් විය.
එමෙන්ම මේ සඳහා ස්ථාවර විසඳුමක් ලෙස කැළණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය යන මේ සියල්ලට ම අදාළ වන වැඩපිළිවෙලක් 2016 වසරේ ඉදිරිපත් කර තිබූ අතර, ඉන් අදහස් වූයේ මේ ගංවතුර පාලනය සඳහා ස්ථාවර බැම්මක් කැළණි ගඟේ ඉදිකිරීම ය. ඒ හැරුණු කොට වෙනත් ක්‍රමයකින් මෙය නතර කළ නොහැකි බව ද, ඒ ව්‍යාපෘති කිසිවක් ඉන් පසු ක්‍රියාත්මක නොවූ බව ද, කාරක සභාවේ දී අනාවරණය විය. කොළඹ මහා නගර සභාවට මේ සම්බන්ධයෙන් තිබෙන ගැටළු වාර්තා කළ අතර, ඉඩම් සංවර්ධන සංස්ථාව සමග එක්ව, ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීම ද ලබාගෙන අදාළ ඇල මාර්ග නියමාකාරයෙන් පවත්වාගෙන යන ලෙස ද, කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. විශේෂයෙන් ම අනාගතයේ දී මීටත් වඩා බරපතල සිදුවීම් ඇති විය හැකි බැවින් ඒ සඳහා සූදානමක් ලෙස කිසියම් විදේශීය මූල්‍ය ආයතනයක් සමග සාකච්ඡා කොට, කැළණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය ත්‍රිත්‍ව ගංගා බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා එසේ නැත්නම් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි කරන ලද මේ බැමි, අනාගතයේ එන විශාල සංහාරක වැසි සමග ඒවායේ තත්ත්වය ගැන කිසිවෙකුට තක්සේරු කළ නොහැකි බව ද, පෙන්වා දුන්නේය. මේවා සංරක්ෂණය කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බහු කාර්ය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මෙම රැස්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහා නගර සභාව යන ආයතනවල නිලධාරීන් කැඳවා තිබිණ.