පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් බඳවා ගැනීම ගැන වාර්තාවක්

June 7, 2024

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සමත්ව සිටින එහෙත් මෙතෙක් සේවයට බඳවා නොගෙන සිටින අයැදුම්කාරියන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ වාර්තාවක් කැඳවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මෙම ගැටලුව සම්බන්ධව එහි ප්‍රකාශකයකු සඳහන් කළේ මෙසේ සේවයට බඳවා නොගත් අයැදුම්කාරියන් සම්බන්ධව ලබන ජුලි මස පළමුවැනිදා (01) වන විට විශේෂ වාර්තාව කැඳවීමට නියමිත බවය.

එසේම සේවයට බඳවා නොගත් මෙම අයැදුම්කාරියන් තුන්සිය දහසය දෙනා බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මීට දෙසතියකට පෙර ඉදිරිපත් කළ අතර එය ප්‍රතික්ෂේප වී නොමැති බවත් ඒ සම්න්ධව සොයා බැලීමට ඉදිරිපත් කළ නිරීක්ෂණ පත්‍රිකාව පමණක් ප්‍රතික්ෂේප වී ඇති බවත් මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

t

o

p