මෝදිගේ දිවුරුම්දීමට ජනපති රනිල් ඉන්දියාවට

June 9, 2024

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) ඉන්දියාව බලා යාමට නියමිතයි.

නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම දෙදින නිල සංචාරයේ නිරතවේ.පසුගියදා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළේය.

එම ජයග්‍රහණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් මෝදි මහතාට සුබපැතුම් එක්කරන ලදි.එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කර ඇති අතර ඔහු එම ආරාධනය පිළිගෙන තිබුණි.

t

o

p