ගංවතුර බැස ගිය ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහය

June 8, 2024

ගංවතුර බැසයන ප්‍රදේශයන්හී පානීය ජලය ලබාගන්නා ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහන කණ්ඩයාම් දායකත්වය ලබාදීම සිදුකරනු ලබයි.

එමෙන්ම අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 13ක් තවදුරටත් ආපදා සහන මෙහෙයුම් සඳහා අනුයුක්ත කර තිබේ.

ඒ අනුවල නාවික හමුදා සහන කණ්ඩායම් ගං වතුර හේතුවෙන් ආපදාවටපත් පුද්ගලයින් 316 දෙනෙකු ආරක්‍ෂිතව මුදා ගැනීමට කටයුතු කර ඇති අතර, පුද්ගලයින් 4900 කට ආසන්න පිරිසකට ආරක්‍ෂිතව යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීමටද කටයුතු කර ඇති බව සඳහන්.

මීට අමතරව ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයන් 19000 කට අධික පිරිසකට මේ වන විට පිසූ සහ වියළි ආහාර පාන ලබාදීමට ද ඔවුන් පියවර ගෙන තිබේ.

t

o

p