විදේශිය දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට

June 2, 2024

මෙරටට හිමි විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ ගෙන්වන ලද රුපියල් පනස්අටලක්ෂ විසින් දහසක් පමණ වටිනා විදේශිය දුම්වැටි 38,860 ක විශාල තොගයක් සමග ජාවාරම් කල පුද්ගලයකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මාලිගාවත්ත පොලිස් වසමේ නො 88/22 බී, ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද MANCHESTER වර්ගයේ සිගරට් 38,860 ක් සන්තකයේ තබාගෙන සිටි ජුම්මා මස්ජිත් පාර, මාලිගාවත්ත ප්‍රදේශයේ තාවකාලි පදිංචි වයස අවුරුදු 41 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p