නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කොච්චිකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට

June 3, 2024

මෙරටට හිමි විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ ගෙන්වන ලද රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් විදේශිය දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කොච්චිකඩේ පොලිස් වසමේ අංක 164/2/ඒ, මානවේරිය, ගුරුගෙවත්ත, කොච්චිකඩේ ලිපිනයේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුතු MANCHESTER වර්ගයේ සිගරට් 2,400 ක් සන්තකයේ තබාගෙන සිටි කොච්චිකඩේ, ගුරුගෙවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p