කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 0.9% දක්වා පහළ ගොස් තිබේ.
එය අප්‍රේල් මාසයේ වාර්තා වූයේ 1.5%ක් ලෙසයි.
එමෙන්ම ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ 2.9% සිට මැයි මාසයේ දී 0.0%ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.