ඉදිරි වසර 05 තුළ කෘත්‍රිම බුද්ධිය සෑම ක්ෂේත්‍රයකටම ව්‍යාප්ත කිරීමට සැරසෙයි

June 1, 2024

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්‍රිම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවත් ඔහු එහිදී පෙන්වා දෙනලදි.

t

o

p