වැඩිහිටි දීමනාව නතර වී ඇති බවට පළවන වාර්තා බොරු

June 1, 2024

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

තාක්ෂණික ගැටලු හේතුවෙන් ගෙවිම ප්‍රමාදවූ වැඩිහිටි දීමනාව මේ මස දෙවන සතියෙන් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය පැවසුවේ , 2024 මැයි මාසයේදී මෙම දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර ඇති බවයි.

ජුනි මාසයට අදාළ දීමනාව ද මේ මාසයේම ගෙවීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය.

අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාළ බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.

අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි සියලුදෙනාට වැඩිහිටි දීමනාව හිමියි.

t

o

p