විදුලි බිල අඩු කරන හැටි කොමිසම කියයි

June 1, 2024

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක තුළ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ හොත් ජූලි මස මැද වන විට ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.

මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය 27 වැනිදා සිට තවත් සති දෙකක කාලයක් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බවත් යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කළ හැකි බවත් ඒ මහතා කීය.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සතියේ මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි.

t

o

p