මැතිවරණයට සූදානම් වන ලෙස දැනුම් දෙයි

May 31, 2024

ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රජයේ මුද්‍රණාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසකට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිත දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අනුව රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබා ගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම ඒ බව දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය ඇතුළතදී ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි.

t

o

p