විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත් අඩංගුවට

June 1, 2024

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් තිස් අට ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු 05/31 දින රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි තොගය රැගෙන විත් තිබුණි.

මෙම ව්‍යාපාරිකයා 05/31 දින රාත්‍රී 10.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි 38,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 192 ක් සගවා ගෙන තිබියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයා දැනට පොලිස් ඇප මත මුදා හැරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර එළඹෙන ජූනි මස 05 දින මෙම ව්‍යාපාරිකයා ඔහු විසින් නීතිවිරෝධී ලෙස ගෙන ආ මෙම දුම්වැටි තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

t

o

p