ලෝක දුම්වැටි නිවාරණය දිනය අදට (31) යෙදී තිබේ.
මෙවර එහි තේමාව වන්නේ ‘දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු’ යන්නයි.
මෙරට දුම්වැටි භාවිතය 9.1%කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
දුම්කොළ සමාගම් වාර්තාවලට අනුව පසුගිය වසර තුළ දුම්වැටි නිෂ්පාදනය 19%කින් පමණ අඩු වී තිබේ.