කෙන්යාවේදී සම්බුදු තෙමඟුල සමරයි

May 29, 2024

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ රාජකීය තායි තානාපති කාර්යාලය වෙසක් උත්සවය වෙනුවෙන් නයිරෝබි නුවරදී විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර ලේකම්වරියක මෙන්ම නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්‍ෂ සැන්ඩ්‍රා මචරියා මහත්මිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් නිකුත් කළ විශේෂ වෙසක් දින පණිවුඩය එම උත්සවයේදී ඉදිරිපත් කළ බව සඳහන්.

වෙසක් දින හරය එක්සත් ජාතීන්ගේ අරමුණු සමඟ සමීපව බැදී ඇති බව මහ ලේකම් ගුටේරස් සිය පණිවුඩයෙන් අවධාරණය කරනවා.

ඉවසීම, දයානුකම්පාව සහ මිනිස වර්ගයාට සේවය කිරීම පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීමේ මෙවන් කැළබිලිකාරී සමයක සැනසීම සහ ශක්තිය දෙන බව ද මහ ලේකම්වරයා පෙන්වා දෙනලදි.

කෙන්යාවේ මහ කොමසාරිස් කනනාදන් මහතා පැවසුවේ මෙම කාලය බුදුන්වහන්සේගේ අකාලිකවූ ඉගැන්වීම් ගැඹුරින් මෙනෙහි කළ යුතු කාලයක් බවයි.

අප්‍රිකානු මහද්වීපයේ ප්‍රධාන සංඝනායක ටැන්සානියාවේ බෞද්ධ විහාරාස්ථානයේ සහ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ආචාර්ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර නාහිමියන් වෙත කෙන්යාවේ මහ කොමසාරිස් කනනාදන් මහතා බුද්ධ ප්‍රතිමාවක්ද ප්‍රදානය කළ බවයි වැඩිදුරටත් සඳහන් වෙයි.

t

o

p