පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම්

May 29, 2024

පොසොන් සමයේ අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ පොසොන් පොහොයට පෙර නිම කිරීමට නොහැකි බැවින් මෙම පියවර ගන්නා බවයි.

හෝමාගම, පිටිපන පාසල් හන්දියේ සිට සිංහ අරන දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීටර් 800ක දුරක් මාර්ගය සංවර්ධනය කෙරෙන අතර ඒ සදහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 13කි.

t

o

p