ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

May 29, 2024

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අදත් (29) ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මීරිගම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක් වීමෙන් මෙම ප්‍රමාදය සිදු වී ඇති බවයි.

එය කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

t

o

p