හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක්

May 26, 2024

තවදුරටත් අධික වැසි ලැබුණහොත් කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කැළණි සහ කළු ගංගාවල ඉහළ ප්‍රදේශවල, පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුගීෂ්වර සදහන් කරයි.

මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවුවහොත් කැළණි සහ කළු ගංගාවල ආශ්‍රිතව ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද අධ්‍යක්ෂ ඉංජිනේරු සුගීෂ්වර සදහන් කරයි.

t

o

p