වොෂින්ටනය ප්‍රථමවරට වෙසක් දිනය නිල වශයෙන් පිළිගනී

May 24, 2024

අමෙරිකාවේ වොෂින්ටන් නගරාධිපතිනි මියුරියල් බවුසර් මහත්මිය විසින් ප්‍රථමවරට වෙසක් දිනය නිල වශයෙන් පිළිගන්නා බව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා සන්ධිස්ථානය ලෙස සැලකෙන වොෂින්ටන් නගරය තුළ වෙසක් දිනය නිල වශයෙන් පිළිගැනීම එරට වෙසෙන හා ලෝක බෞද්ධ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් වන බවව සඳහන්.

‘බුදු තෙමඟුල සමරන අතිඋතුම් වෙසක් දිනය වොෂින්ටනය තුළ නිල දිනයක් ලෙස නගරාධිපතිනිය ලෙස මා ප්‍රකාශයට පත් කරමි’යනුවෙන් නගරාධිපතිනිය නිවේදනයේ සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින්,

t

o

p