කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

May 25, 2024

දකුණු ආසියානු කලාපයේ වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළක් බවට යළිත් වරක් තහවුරු කරමින් දැවැන්ත වර්ධනයක් අත් කරගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත්ව තිබේ.

ඒ අනුව වෙසක් පුන් පොහොය හේතුවෙන් වෙළෙඳපොළ ගනුදෙනු නතර කිරීමට පෙර දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.87ක හෙවත් 1.08%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙන අතර, දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,348.84ක් ලෙස වාර්තා විය.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යෑම සඳහා කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, NDB බැංකුව සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වලින් වැඩි දායකත්වයක් ලැබී තිබිණි. දිනයේ සාමාන්‍ය ගනුදෙනු හරහා පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදීමට හැටන් නැෂනල් බැංකුව (රුපියල් මිලියන 147), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (රුපියල් මිලියන 98) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රුපියල් මිලියන 80) යන සමාගම් සමත් විය.

t

o

p