මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

May 24, 2024

වෙසක් පොහොය දිනයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ව්‍යාජ මත්පැන් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම බලකායේ යාපනය කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය මඩමපාර , ගුරු නගර් ප්‍රදේශයේ වෙළෙඳසැලක මත්පැන් අලෙවි කර තිබේ.

මිලිලීටර් 180 බෝතල් 25ක් අලෙවි කිරීම සඳහා සඟවා ගෙන සිට තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 60ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

t

o

p