සංඥා දෝෂයකින් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

May 24, 2024

උඩරට දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (24) උදෑසන සිට උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

මේ වන විටත් ධාවනය වන දුම්රිය ඉතා මන්දගාමීව සිදුවන බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

විශේෂයෙන් ඉදල්ගස්හින්න ඕහිය අඹේවෙල පට්ටිපොළ යන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයට හපුතලේ දියතලාව පට්ටිපොල දක්වා කොටසට දැඩි සුළං සමග ගස් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් දුම්රිය ධාවනය කිරීම අනතුරු දායක තත්වයක පවතී.

කෙසේ වෙතත් අද රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය වීම බොහෝ විට අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

t

o

p