වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්

May 24, 2024

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එහි සඳහන් වන්නේ නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරාත්තු වන බවයි.

ඒ අනුව , සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව දැනුම්දෙයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

t

o

p