ග්‍රාම නිල­ධා­රීන්ට අනන්‍ය වැටුප් තල­යක්

May 23, 2024

මෙරට 13,000කට අධික ග්‍රාම නිල­ධා­රි­ව­රුන්ට අනන්‍ය වැටුප් තල­යක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබි­නට් අනු­මැ­තිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිල­ධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටු­ම්පත රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ අනු­මැ­තිය සඳහා ඉදි­රි­පත් කර ඇති බවත්, රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින්, ස්වදේශ කට­යුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව GN(ජී එන්) නමින් නව වැටුප් කේත­යක් ග්‍රාම නිල­ධා­රි­ව­රුන් සඳහා හිමි­වන අතර අදාළ ප්‍රාදේ­ශීය සභා සීමාව තුළ අලු­තින් එම සේව­යට එක්වන ග්‍රාම නිල­ධා­රි­ව­ර­ය­කුගේ මූලික වැටුප රුපි­යල් 28,940 සිට රුපි­යල් 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිල­ධාරී සේවයේ 2 ශ්‍රේණියේ ආර­ම්භක වැටුප රුපි­යල් 33,690 දක්වාත්, 1 ශ්‍රේණියේ ආර­ම්භක වැටුප රුපි­යල් 38,590ක් දක්වාත් ඉහළ යාමට නිය­මිත වේ.

එමෙන්ම මාසික කාර්යාල දීම­නාව රුපි­යල් 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රුපි­යල් 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීම­නාව රුපි­යල් 1500 සිට රුපි­යල් 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියා­ත්මක කිරී­ම­ටද අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය හිමිව ඇත. මීට අම­ත­රව අනෙ­කුත් නිල ඇඳුම්, ගමන්, සන්නි­වේ­දන දීමනා වැඩි කිරීම සඳහා, 2025 අය-වැය පිළි­යෙළ කිරීමේ දී, මහා භාණ්ඩා­ගා­රය සමඟ සාකච්ඡා කර පිය­වර ගැනී­මට ද රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යංශ ලේක­ම්ව­ර­යාට නියම කර ඇත.

විෂය භාර කැබි­නට් අමාත්‍ය අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා සහ තමන් ග්‍රාම නිල­ධාරී වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන් සමඟ අඛ­ණ්ඩව සාකච්ඡා කර­මින් මෙම ජය­ග්‍ර­හ­ණය ග්‍රාම නිල­ධා­රි­ව­රුන් වෙත ලබා­දී­මට කට­යුතු කළ බව ද රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය. රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යං­ශයේ ලේක­ම්ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නිල මැදු­රේදී 2024.05.20 දින පැවැති සාක­ච්ඡා­වේදී ග්‍රාම නිල­ධාරී වෘත්තීය සමිති සන්ධා­නයේ නියෝ­ජි­ත­යන්ට මෙම විස­ඳුම පිළි­බඳ කරුණු පැහැ­දිලි කර ඇති බව ද හෙතෙම පැවැ­සීය. ඒ අනුව වඩාත් කාර්ය­ක්ෂම සහ ඵල­දායි මහ­ජන සේවා­වක් පව­ත්වා­ගෙන යාම සඳහා, ග්‍රාම නිල­ධාරී දීමනා ඉහළ නැංවීම පිළි­බඳ 2024.03.11 අමාත්‍ය මණ්ඩල තීර­ණය මගින් අනු­මැ­තිය හිමිව ඇති බවද, අනන්‍ය වැටුප් තල­ය­කට කැබි­නට් අනු­මැ­තිය හිමිව ඇති බවද, ශ්‍රී ලංකා ග්‍රාම නිල­ධාරි සේවය ස්ථාපිත කිරීම සඳහා, ශ්‍රී ලංකා ග්‍රාම නිල­ධාරී සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍ර­හය (කෙටු­ම්පත), රජය සේවා කොමි­ෂන් සභාවේ අනු­මැ­තිය සඳහා මේව­න­විට ඉදි­රි­පත් කර ඇති බව ද රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා පැවැ­සීය.

පාර්ලි‍මේන්තු මන්ත්‍රී අනුර දිසා­නා­යක මන්ත්‍රී­ව­රයා ස්ථාවර නියෝග 27-2 යටතේ රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තා­ගෙන් විමසූ ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමින් ස්වදේශ කට­යුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා, වැඩි­දු­ර­ටත් කියා සිටියේ නව ග්‍රාම නිල­ධාරී පත්වීම් 1,942ක් ලබා­දී­මද ලොකු ජය­ග්‍ර­හ­ණ­යක් බවයි.

t

o

p