නුවරඑළියේ ගව සරම්ප රෝගය ගැන දැනුම් දීමක්

May 22, 2024

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තාවන ගව සරම්ප රෝගය පාලනයට අවශ්‍ය සියලුම පියවර ගත් බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සදහා අවශ්‍ය එන්නත් ලබා දීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත්, පුද්ගලික අංශයත් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම රෝගය පාලනය සඳහා වහාම අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දෙනු ලැබීය.

t

o

p