ඊයේ (21) කොළඹදී පැවැත්වෙන LPL ක්රීඩක වෙන්දේසියේදී ශ්රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ LPL ක්රීඩක වෙන්දේසියේදී දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.
එහිදී ඔහුට හිමිවූ මුදල ඩොලර් 120,000 කි.කොළඹ කණ්ඩායම ඔහුව එම මුදලට මිලදීගත් අතර LPL වෙන්දේසියේදී මේ දක්වා ක්රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල වන්නේද එයයි.
පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන අතර ඉන් ත්රිත්වයකම ශූරයන් බවට පත්වූ ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම වෙන්දේසියේදී ප්රබල ක්රීඩකයින් රැසක් මිලදී ගන්නා ලදි.
වෙන්දේසියට ප්රථම කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්රනාන්දු, චරිත් අසලංක විජයකාන්ත් වියස්කාන්ත් සහ ඇෆ්ගනිස්ථානු ක්රීඩකයින් දෙදෙනෙකු වන නූර් අහමඩ් සහ අස්මතුල්ලා ඔමර්සායි යන ක්රීඩකයින් මෙලෙස රඳවා ගත් සහ මිලදී ගත් ක්රීඩකයින් අතර වෙයි.ඊට අමතරව ලයිකාස් ජැවෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර ක්රීඩක වෙන්දේසියේදී දකුණු අප්රිකාවේ රයිලි රූසෝ අමෙරිකානු ඩොලර් 60,000 ක් එනම් ශ්රී ලංකා මුදලින් එක්කෝටි අසූ ලක්ෂයක මුදලකට මිලදී ගන්නා ලදි.
ශ්රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා හා ජේසන් බෙරන්ඩොෆ් අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලකට එනම් එක්කෝටි 50,000 ක මුදලකටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගත් බවයි සඳහන් වෙයි.අසිත ප්රනාන්දු සහ පැතුම් නිස්සංක ඩොලර් 40,000 බැඟින්ද , ෆැබියන් ඇලන් ඩොලර් 30,000 කටත්, ප්රමෝද් මධුශාන් සහ ඇලෙක්ස් රෝස් අමෙරිකානු ඩොලර් 20,000 බැඟින්ද වෙන්දේසි වී ලයිකා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගන්නා ලදි.
ලහිරු සමරකෝන් අමෙරිකානු ඩොලර් 13,000 කටත්, නිශාන් මදුෂ්ක සහ වනුජ සහන් අමෙරිකානු ඩොලර් 10,000 ක මුදලකටත්, ඒෂාන් මාලිංග, විෂාඩ් රන්දික, අහන් වික්රමසිංහ, මුර්වින් අභිනාෂ්, අරුල් ප්රගාෂම්, තීෂන් විදූෂාන්, නිසල තාරක අමෙරිකානු ඩොලර් 5000 බැඟිනුත් මිලදී ගනු ලැබිණ.
ඉසුරු උදාන අමෙරිකානු ඩොලර් ලක්ෂයකට ගෝල් මාවලස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85,000 ක මුදලකට බී ලව් කැන්ඩි කණ්ඩායම මිලදී ගනු ලැබිණ.පස්වන වරටත් පවත්වනු ලැබූ මෙවර අයි.පී.එල්. තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය දිනා ගැනීමට මොනරා ටීවී සමත්වී තිබේ.