අදත් දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සැළකිය යුතු මට්ටමක

April 21, 2024

උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (21) අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

හැකිතාක් ජලය පානය කළයුතු අතර, සෙවන සහිත ස්ථානවල සිටිය යුතු වනවා.

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ විශේෂ අවදානයක් යොමුකළ යුතු බව ද කාළගුණ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.

t

o

p