විදේශීය රටක සිට නීති විරෝධී ලෙස ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

April 21, 2024

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්ත මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගම්පොල කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටි.බි.ආර්.පි. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මහනුවර පොලිස් වසමේ 11-A, පුර්ණවත්ත, මහයියාව, මහනුවර Mini mart වෙළද සැල ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිශ්පාදිත ARGOS වර්ගයේ සහ Manchster වර්ගයේ දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි මහයියාව, මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

t

o

p