ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ හිඟයක්

April 21, 2024

මෙරට රෝහල් පද්ධතිය තුළ ඖෂධ සං‍යෝජක නිලධාරීන් 300කට වැඩි පිරිසකගේ හිගයක් පවතින බව, රජයේ ඖෂධ සං‍යෝජක නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උදේනි දසනායක මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් රෝහල් පද්ධතිය මේ වන විට ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ, වසර 05 කට වැඩි කාලයක සිට එම නිලධාරීන්ගේ හිඟය පවතින බවයි.

එම හිඟයට පිළියමක් ලෙස මේ වසර තුළ ඖෂධ සංයෝජක නිලධාරින් බඳවා ගැනීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කරයි.

ඒ අනුව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පුරප්පාඩු සංඛ්‍යාව බඳවා ගෙන ඔවුන් වසර එකහමාරක ඖෂධ සංයෝජක පුහුණුවෙන් අනතුරුව රෝහල් පද්ධතියට යොමු කරන බවයි.

t

o

p