ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ

April 19, 2024

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ(18) ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කෙරුණි.

1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට විය.

මෙම කර්මාන්ත ශාලාව යළි පණගන්වා ජාතියට ආදායම් උත්පාදනය කරන කර්මාන්තශාලාවක් බවට පත් කිරීමේ වගකීම අනුනයින් හෝල්ඩින්ස් ආයතනය විසින් භාරගෙන තිබේ.

ඒ අනුව, මෙම කර්මාන්ත ශාලාව තුළ නැවත කඩදාසි නිෂ්පාදනය කිරීමට කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

t

o

p