ආදරණීයයන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම යන්නම යයි

April 19, 2024

අද (19) දින අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, අද (19) පස්වරු 2.00 ට මතුගම, කරම්පෑතර පවුලේ සුසාන භුමියේදී ය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි නිවසේ මේ වන විට තැන්පත් කර ඇති අතර, දේශපාලඥයින් ,ප්‍රදේශවාසින් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්විමට පැමිණෙමින් සිටී.

අවමංගල්‍ය උත්සව කටයුතු සංවිධාන කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින් නිර්මාණය කරන ලද නිසල සෙවනෙහි ඒ මහතාගේ දේහය තැන්පත් කිරීමට නියමිතයි.

ඔහුගේ මතුගම පිහිටි වත්තේදි විදුලි සැර වැදීමෙන් තෙවරප්පෙරුම මහතා මිය ගියේ පෙරේදා පස්වරුවේදීය.

t

o

p