මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික් නීතීවේදීන් සමඟ පැවති හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියි.
පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා යළි එසේ නොවීමට නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බවයි එහිදී පැවසුවේ
එමෙන්ම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද ජනාධිපතිවරයා නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටියි.