නීති විරෝධී බීඩි කොළ ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

April 6, 2024

විශේෂ කාර්ය බලකාය පුත්තලම කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් පුත්තලම කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා පුත්තලම සුරාබදු ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව වන දින කල්පිටිය පොලිස් වසමේ කුරිඥ්ඥං පිටිය ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ තීරු බදු නොගෙවා ගෙන්වන ලද බීඩි කොළ (තෙන්දු කොළ) තොගයක් කුරිඥ්ඥං පිටිය ප්‍රදේශයේ දී මාළු තොටුපලක වාඩියක් තුල සගවා තිබ්යදී වටලා සැකකරුවන් නොමැතිව බීඩි කොළ තොගය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තලම සුරාබදු ඒකකය වෙත භාර දී ඇත.‍

t

o

p