උඳු ආනයනයට අවසර දෙයි

April 2, 2024

මෙරට උඳු ඇට හිඟය වැළැක්වීමට සහ උඳු මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා උඳු ඇට මෙට්‍රික්ටොන් 20000ක් ආනයනය කිරීමට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

එම යෝජනාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ බවයි වාර්තා වෙයි.

ඒ අනුව දැනට උඳු ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති තාවකාලික තහනම ඉවත්කර මෙම තීරණය ගත් බව සඳහන් වෙයි.

t

o

p