කළු­තර කැලිඩෝ වෙරළ විනාශ මුඛයේ

April 2, 2024

කිසි­ව­කුගේ නිසි අව­ධා­න­ය­කට ලක් නොවී­මෙන් කළු­තර කැලිඩෝ වෙරළ තීරය විනාශ වී සංචා­රක සහ ධීවර කර්මාන්ත දෙකම කඩා­වැටී ඇති බවට එම ප්‍රදේ­ශයේ ජන­තාව චෝදනා නඟති.

දිනෙන් දින සිදු­වන මුහුදු ඛාද­නය හේතු­වෙන් කැලිඩෝ සමා­න්තර වෙරළ පාර සහ ආබෘ පාර මුහුදු වැලි­ව­ලින් යට වීමෙන් ප්‍රදේ­ශයේ ගම­නා­ග­ම­න­ය­ටද බාධා එල්ල වී තිබේ.

පස­ළො­ස්වක පොහොය දිනය ආසන්න වන විට රළ පහරේ වේගය වැඩි වීමෙන් වෙරළ ආස­න්නයේ ඇති නිවෙස් මෙන්ම, ඒ ආස­න්නයේ පිහිටි නිල නිවාස සහ සංචා­රක නිවා­සද ජල­යෙන් යට­වන බව ඔවුහූ පව­සති.

මේ වන­විට විශාල පොල්ගස් ප්‍රමා­ණ­යක් මුහුදු ඛාද­න­යට ලක්ව ඇති අතර, ඉතිරි ගස් කිහි­ප­යද නුදු­රේදී නියත වශ­යෙන්ම මුහු­දට බිලි­වීම වැළැ­ක්විය නොහැක.

මීට වසර තුන­කට පමණ පෙර පැවති රජය යටතේ හිටපු ඇමැ­ති­ව­ර­යෙ­කුගේ මූලි­ක­ත්ව­යෙන් ධීවර ජන­තා­වගේ හඬට ඇහු­ම්කන් නොදී රුපි­යල් මිලි­යන 290ක් පමණ විනාශ කර­මින් සංව­ර්ධන කට­යුතු සිදු කිරී­මෙන් වත්මන් තත්ත්වය උදාවී ඇති බව ද ඔවුහූ පව­සති.

මේ පිළි­බඳ අද­හස් දැක්වූ ඩබ්ලිව්. ධර්ම­සේන මහතා,

උපන්දා සිට කළේ ධීවර රැකි­යාව. අපේ හඬට ඇහු­ම්කන් නොදී සිදු කළ මේ සංව­ර්ධ­නය නිසා ජනතා සල්ලි කෝටි ගණ­නක් විනාශ වුණා විත­රක් නොවෙයි රැකි­යාත් අහිමි වී අපේ ජීවි­තත් අස­රණ වුණා.

යූ. චන්ද්‍ර­පාල මහතා,

මම වෙරළේ අච්චාරු විකු­ණලා ජීවත් වෙන්නේ. ඉස්සර කැලිඩෝ වෙර­ළට හව­සට සහ නිවාඩු දව­ස්වල සෙනග උතු­ර­නවා. දැන් එන්නේ තරුණ ජෝඩු පම­ණයි. එයා­ලත් යන්නේ කාම­ර­ව­ලට අද රුපි­යල් 400 අච්චාරු විකුණා ගන්න බැරි­වුණා.

එල්.එච්. පද්ම­සිරි මහතා,

අවු­රුදු 40ක් ධීවර රැකි­යාව කළා. එපා කියද්දි මෝය කැපුවා. මුහුදු ඛාද­න­යට ලක්වෙලා දැන් මේ ප්‍රදේ­ශය බඹ 40ක් විතර ගැඹු­රුයි. පොඩි මාළු එන්නේ නෑ. ඔරු­වක් දාන්න බෑ. තව එහා­යින් මෝය කපලා ගල්වැ­ටිය දාලා දුන්නා නම් මේ ගැට­ලුව විස­ඳෙ­නවා.

ධම්මිකා ශ්‍රියා­ලතා මහ­ත්මිය,

ඉස්සර විදෙස් සංචා­ර­ක­යින් පිරිලා. දැන් පාරේ යන්න බැරි නිසා සුද්දෙක් පළාතේ එන්නේ නෑ. අප­රාදෙ සල්ලිත් විනාශ වුණා, අපේ ජීවි­තත් විනාශ වුණා.

t

o

p